Search This Blog

Sunday, July 24, 2011

.

ඔලිම්පික් සූරයා දෙවන කොට බ්‍රසීලය පළමු තැනට එයි
















චීනයේ බීජිං නුවර 2008 දී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සූරතාවය දිනා ගත් චීනයෙන් ලොව ආරක්ෂක අංශ ක්‍රීඩා උළෙලේ දී එම කීර්තිය ඩැහැගත් සත්කාරක බ්‍රසීලය පස්වන ජගත් ආරක්ෂක සේවා ක්‍රීඩ උළෙලේ දී සමස්ථ සූරතාවය දිනා ගන්නට සමත් වුණා.රන් 45 ක්,රිදී 33 ක් සහ ලෝකඩ පදක්කම් 36 ක් ලබා ගත් බ්‍රසීලය ප්‍රථම ස්ථානයට පත් වෙද්දී චීනය රන් 37,රිදී 24 සහ ලෝකඩ 34 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්වූවා.



රියෝද ජැනෙයිරෝ හී 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන්නට නියමිත ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණු මෙම ක්‍රීඩා උළෙල හරහා ඔවුන් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගේ විශ්වාසය වර්ධනය කරගන්නා අතරේම ඒ සම්බන්ධයෙන් සිය ආත්ම විශ්වාසය ද තහවුරු කර ගත්තා.එසේම ක්‍රීඩා උළෙලක් සංවිධානයේ දී එම සංවිධායක වගකීම ඉටු කරන අතරේම රටේ ක්‍රීඩාවද කීර්තිමත් තලයකට ඔසවා තැබීමේ වගකීම ද ඉටු කරමින් ඔවුන් සූරතාවය දිනා ගැනීමෙන් ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමට බලාපොරොත්තු වන රටවලට ආදර්ශයක් ද ලබා දුන්නා.



ඊ ළගට පැවත්වෙන ජගත් ආරක්ෂක ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේ වගකීම පැවරි කොරියාවට එම සංවිධායකත්වයේ වගකීම නිල වශයෙන් පැවරීමෙන් පස්වන ජගත් ආරක්ෂක සේවා ක්‍රීඩා සූරතාවලියේ නිමාව සනිටුහන් වූවා.බ්‍රසීලය පළමු තැනත්,චිනය දෙවන තැනත් ගත් මෙම ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට හිමි වූයේ 47 වන තැන වන අතර මේ සමග වන සබැදියාව හරහා සමස්ත පදක්කම් සටහනට පිවිසීමට හැකියාව ලැබෙනවා ඇති.



http://www.rio2011.mil.br/results/ENG/ZZ/ZZM195A_@@@@@@@@@@@@@@@@@ENG.htm


































Mon, Jul 25, 2011 at 5:45 AM